Sunday, December 29, 2013

සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්නේ කෙසේද? (How to face an INTERVIEW)
සිහින ඉසව්ව12:30 pm 13 අදහස් දැක්වීම්

       මං හිතන්නේ මේ කථාව හැමෝටම වැදගත් වෙයි කියලා..මොකද අපි හැම කෙනෙක්ම ‍රැකියාවක් කරන නිසා..හැම කෙනෙක්ම රකියාවක් කරන්න කලින් මෙතන්ට අනිවාර්යෙන්ම යනවාමයි.ඒ තමයි සම්මුඛ පරීක්ෂණය. ඉතින් ඒ සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන ආකරය ගැන ගොඩ දෙනෙක්ට ප්‍රශ්ණ තියෙන්න පුළුවන්..විශේෂයෙන්ම මුල්ම වතාවට ‍රැකියාවකට යන කෙනෙක්ට.එහෙනම් පියවරෙන් පියවර අපි ඉගෙන ගමු.

01. මුලින්ම  සම්මුඛ පරීක්ෂණයට අදින ඇදුම.සාමාන්‍යයෙන් අදින්නේ ලා පාට..තද පාට අදින්නේ නෑ.පිරිමි අපිට නම් සුදු ෂර්ට් එක තමා හරියන්නේ.

For Men


For Women



02. ඊළගට ඔබ ‍රැගෙන යන ෆයිල් එක..ඒකේ මුලින්ම තියෙන්න ඕනේ ඔබේ Bio Data එක හෝ CV එකයි.ඉන් පසුව ඔබේ අධ්‍යාපන සුදුසුකම්, ක්‍රීඩා සහතික,චරිත සහතිකය,ග්‍රාම සේවා සහතිකය,පාසල හැර යාමේ සහතිකය,උප්පැන්න සහතිකය,සේවා පලපුරුද්ද පිළිබද සහතික තියෙන්න ඕනේ. මේවාගේ අනු පිටපත්  වෙනමම ෆයිල් එකක දාලා තියාගන්නවානම් හොදයි.

03. සම්මුඛ පරීක්ෂණට එන්න කියපු වෙලාවට විනාඩි 5ක් වත් කලින් යන්න.ගිහින් තමන්ගේ වාරය එනකන් විනීතව වාඩි වෙලා ඉන්න.

04. ඔන්න දැන් තමයි ඔයා සම්මුඛ් පරීක්ෂණයට මුහුණ දෙන්නේ..ඇතුලට යන ගමන් හිනා වෙලා සුභ උදෑසනක් හරි ඒ වෙලාවට ගැලපෙන දෙයක් කියන්න..ඊලගට ඔබට වාඩිවෙන්න කියයි..එහෙම කිව්වේ නැත්තම් ඔබ අහන්න මම වාඩිවෙන්නද කියලා.වාඩිවෙනකොට බලාගෙන.කැරකෙන පු‍ටුවක් තියලා තියෙන්නේ ඒකත් මේසේ ඇතුලට වෙන්න ටිකක් බර එකක්..නාගන්නේ නැතුව වාඩි වෙන්න දැනගන්න ඈ..නැත්තම් උදේ පාන්දරම කුජීත වෙලා යාවී.(සිංහලෙන් නෙමේ හරිය..මේවා තියෙන්නේ කඩ්ඩෙන්ය..කඩ්ඩ ගෙදර සිට හොදට එහෙට මෙහෙට වනා පුරුදු පුහුණු වී යා යුතුය)

05. ඔබෙන් අහන මුල්ම ප්‍රශ්ණය ( මෙම ප්‍රශ්ණ සාමාන්‍යයෙන් නිතර භාවිත වන ඒවාය.)
  • Tell Me About Your Self ?
මේ ප්‍රශ්නේ ගොඩාක් දෙනා අනා ගන්නවාය..Your Self කිව්ව ගමන් අපේ අය පොඩි උන් වගේ තමන් ගැන කියන්න ගන්නවාය..අපේ ගෙදර මෙහෙමය. අපේ ගෙදර මෙච්චර කටොයක් ඉන්නවාය. මගේ විනෝදාංශේ මේකය.අරකය..නමුත් ඔබ පැවසිය යුත්තේ එවැනි දෑ නොවේය. ඔබේ ශක්තීන්ය, ඔබේ සේවා පලපුරුද්දය..එහි ලබාගත් ජයග්‍රහණය..ඔබ කෙතරම් කාර්යක්ෂමද යන වගය..ඔබේ දුර්වලතා කිහිපයක් සදහන් කරනවා නම් හොදය..ඒ ගැන සැළකිලිමත් වෙන්න කියන්න කලින්.
             ඔය ප්‍රශ්ණෙට උත්තර දෙන්න Mission Statement එකක් සාදාගෙන ඉන්නවානම් වඩා හොදය..ඒකට හොදම සයිට් එක මේකය FranklinCovey. අහන ප්‍රශ්ණ වලට උත්තර දුන්නාට පස්සේ ඔබේ Mission Statement එක ඔබේ ඊ-මේලයටම ලැබෙනු ඇත.

06. දෙවැනි ප්‍රශ්ණය.
  • Why Should We Hire You?
මෙතනදී ඔබ පැහැදිලි පිළිතුරක් ලබා දෙන්න ඕනේ..ඔබව ‍රැකියාවට බදවා ගත යුත්තේ ඇයි කියලා..මේකටත් ඔයාලට අර Mission Statement එක උදව් කරගන්න පුළුවන් වෙයි.

07. තුන සහ හතර 
  • What is Your Greatest Strength?
  • What is Your Greatest Weaknesses?
 මෙතනදී ඔයාලට අර  Mission Statement  එක උදව් වෙයි. හැබැයි මතක තියාගන්න ඔබේ ‍රැකියාව අනුව මේ ප්‍රශ්ණ දෙකට දෙන උත්තර වෙනස් කරගන්න.

08.  පහ
  • Why do You Want to Work Here?
මෙතනදී ඔයාලා උත්තර දෙන්න ඕනේ ඔබේ හැකියාවන්ට ගැලපෙන අයතනය මෙය බව.කොහොමද ඒ ගැලපෙන්නේ කියලා ඔබ විස්තර කරන්න ඕනේ..ඒ වගේම ඒ ආයතනය තම සේවකයන්ට සලකන ආකාරයත් පැහැදිලි කරන්න.

09. හය
  • Why Did You Leave Your Last Job?
මුල්ම වතාවට ‍රැකියාවකට උඅන කෙනෙක්ගෙන් මෙහෙම අහන්නෙ නෑ,හැබැයි ඔබ මීට කලින් ‍රැකියාවකට ගියපු කෙනෙක් නම් මේ ප්‍රශ්ණෙට අවංකව උත්තර දෙන්න.

10. හත
  • How Much You Expect From Us (Salary)
මේ ප්‍රශ්නෙට මට මෙච්චරක් ඕනේ කියලා කියන්න එපා..ජීවත් වීමට ප්‍රමාණවත් මුදලක් යැයි පවසන්න.ඔබ පලපුරුදු  වසර ගාණක් සේවය කර ඇති අයෙක් නම් ඔබට අවශ්‍ය ගාන නොබියව පවසන්න.

11. අට
  • Where do You See Your Self in  5 Years? 
මෙතනදී ඔබ ඔබේ ඉලක්කය සදහන් කරන්න.ඔබ ආරම්භක මට්ටමේ ‍රැකියාවකට යන කෙනෙක් නම් කිසිවිටක ඔබ ආයතනේ ප්‍රධානියා වීමට ඉලක්කක කරගෙන සිටිනවායි කියන්න එපා.

12. නවය
  • Do You Have Any Question for Me?
මේ ප්‍රශ්නෙදි නැහැයි කියලා නම් කියන්න එපා..ඔබ අනිවාර්යෙන්ම ප්‍රශ්ණ දෙක තුනක්ම අහන්න..ආයතනය ගැන හෝ ඔබේ ‍රැකියාව සම්බන්දව.

ඉතින් සාමාන්‍යයෙන් අහන්නේ ඔච්චරයි..මැදින් මැදින් තව පොඩි පොඩි ප්‍රශ්ණ අහනවා.මම කිව්වේ වැදගත්ම ප්‍රශ්ණ ටික විතරයි.වැදගත් උනා නම් කමෙන්ට් පාරක් දාලා ෆලෝ පාරකුත් දාගෙන යනවා හොදයි.

:D බලලා මුකුත් ලියලා යන්නේ නැති උන්ට බඩම පල :D

Saturday, December 28, 2013

සයිබර් බීච් පාටිය 2013
සිහින ඉසව්ව7:56 pm 21 අදහස් දැක්වීම්


             බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවිධානය කරපු බීච් පාටි එක ගැන හැම බ්ලොගේකම ඊට පහුවෙනිදා ඉදලා ඇති වෙන්න ලිපි ලියලා තිබ්බා නේ..ඔන්න අද තමයි බොලව් මම ලිපියක් ලියන්නේ..ඔය මම බ්ලොග් අවකාශයේ හමුවකට ගිය ප්‍රථම වතාව නොවැ..යන කොටත් අම්බානෙක පරක්කු වෙලා..ඔක්කොම වැඩ පටන් අරන් තිබ්බේ..ගියපු ගමන් නලීන් අයියට ටොක් එකක් දීලා ශේප් උනා..ඊට පස්සේ වල් රජාව හම්බ වෙලා පොඩි ටොක්ස් එකක් දාලා..වෙනි අයියා එක්ක බර්ලින් ගමන ගැන පොඩි කතාවක් දැම්මා..විශ්වාස කරනවනම් විශ්වාස කරන්ඩ එපා වෙන එකෙක්වත් කතා කලේ නැහැ කියහල්ලකෝ...කිච උනාද මන්දා අෆ්ෆා..  ආයේ නම් යන්නේම නෑ..............

                        බීච් පාටි එක ගැන කියනවනම් ඒක සුපිරිය..බ්ලොග් ලියන උන්ට හම්බවෙන්න ලැබෙන හොදම අවස්ථාවත් මේවාගේ ඒවාය..මොනා නැතත් අම්බානෙක අව්වේ කරවුන නිසා සුදු මූණ සුදු මැලි වී ගියේය...

  කොහෙදෝ සිට පැමිණි පොඩි උන් ටිකක් සයිබර් මලකෙලියට (රජා කියන විදිහට) ඇවිත් හිටපු උන් උස්සා දියේ දැම්මේය..හොදම දේ නම් රජාව වතුරට දැමීමය..රජාගේ මඩ නැති උනත් අනිත් එවුන්ගේ මඩ නම් අඩුවක් නැතුව තිබුනේය..තව දෙයක් කියන්නට ඕනේමය..ඒ සංවිධායක මණ්ඩලයට, ආයේ මේ වගේ එව්වා බීච් එකේ නොතබන්න යැයි කියාය.මන්ද යත් පැමිණ සිටි උන් බලන් උන්නේ සුද්දියෝ අව්ව තපින දියාය..හොම්බ දිග කැමරා සට සට ගා පත්තු උනේ ඒවාටය..තව නම් කියන්නට දෙයක් නැත..කියපු දෙයකුත් නැති තරම්ය.. ඇබිත්තන් කැමරාවෙන් ගත්තු ජායාරූප ටීකාක් දානව බොලාට බලාගන්න..







:D බලලා මුකුත් ලියලා යන්නේ නැති උන්ට බඩම පල :D

Wednesday, December 11, 2013

මෙහෙමත් කෙල්ලන් ( Naughty Girls 16+)
සිහින ඉසව්ව12:18 pm 16 අදහස් දැක්වීම්

           

පොස්ට් එකේ නම දැකලා ගෑණු උදවිය බනිනවද දන්නෙත් නෑ..ඕන එකක් වෙච්චා වේ කියලා දානවා..මේ යූ ටියුබ් එකේ තිබ්බ වීඩියෝ කීපයක්..පොඩි වීඩියෝ ටිකක්..කතා කරනවට වඩා බලන එකම තමා හොද..ආ තව දෙයක් මේකේ තියෙන මුල්ම වීඩියෝ එකේ තියෙන වැඩේ කරන්න 21 ගල්කිස්සේ එන කීප දෙනෙක් ලෑස්ති වෙනවා කියන්නේ..
 

01.

02


03.
04.

Tuesday, October 29, 2013

බයිස්කොප් සිංහලෙන් සමග කල කතා බහ
සිහින ඉසව්ව12:40 pm 3 අදහස් දැක්වීම්


වර්තමාන තාරුණ්‍යයේ සිත් ගත් වෙබ් අඩවියක් වන " බයිස්කෝප් සිංහලෙන්" ගැන කතා කිරීමට තමයි අපි පළමුවෙන්ම සැරසෙන්නේ..ඒ සදහා මෙහි සංස්කාරක වරයෙක් වන තරිදු දර්ශන නැත්තම් "විකියා" සම්බන්ද කර ගැනීමට අපට හැකි වුනා.මේ ඔහුත් සමග කල කතා බහයි.




01. ඉතින් තරිදු මොකක්ද මේ බයිස්කෝප් සිංහලෙන් කියන්නේ?

බයිස්කෝප් සිංහලෙන් කියන්නේ චිත්‍රපට, රූපවාහිනී මාලා නාටක සිංහල උපසිරස සමග දෙන්න හදපු වෙබ් අඩවියක්.

02.එතකොට කොයි කාලේ වගේද මේ වැඩේ පටන් ගත්තේ? කාගෙද මේ අදහස?

2009 වසරේ තමයි පටන් ගත්තේ. අපේ පොතේ ගුරා සහෝට තමා මුලින්ම අදහසක් ආවේ මේ ගැන

03.එතකොට හරියටම කවද්ද සිංහල උපසිරසත් එක්ක සිනමාපටයක් බයිස්කොප් එකෙන් එලියට ආවේ?

2009 ජූනි 6. ඒ තමයි ලංකාවේ ප්‍රථම අන්තර්ජාලයට නිකුත් උන සිංහල උපසිරසය.

04.ඒ ගැන නිහතමානි ආඩම්බරයකුත් ඔබට ඇති?

ඔව්. :)

05. ලංකාවේ අංක එකේ විනෝදාස්වාදය සදහා වූ වෙබ් අඩවිය බවට පත් උනා කියන කතාව මොකක්ද?

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් කරන Alexa වෙබ් අඩවිය තුල විනෝදාස්වාදය සදහා වූ වෙබ් අඩවියක් විදිහට ලංකාවේ අංක එකට එන්න අපිට පුළුවන් උනා.

06.ඒ කියන්නේ බයිස්කෝප් සිංහලෙන් ලංකාවේ අතිශය ජනප්‍රිය වෙබ් අඩවියක්.එහෙම නේද?

ඔව්. ලංකාවේ ගොඩක් ජනප්‍රිය වෙබ් අඩවිය, ලංකාවෙම විතරක් නෙමෙයි වෙනත් රටවලත් ජනප්‍රිය අඩවියක්.

07.සිංහල උපසිරස නිර්මාණය කිරීමේ කටයුතු කොහොමද සිද්ද වෙන්නේ?

සිංහල උපසිරස නිර්මාණය කරන්නේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න සහෝදර , සහොදරියන් විසින් තමයි.

08.මම දැක්කා රොයිලි සහෝදරයා සිංහල උපසිරස 200ට ආසන්නව ඉන්නවා.ඒ වගේම තව සහෝදර වරු කිහිපදෙනෙක්ම 100 සීමාවෙත් ඉන්නවා.ඒ ගැන ඔබට මොකද හිතෙන්නේ?

ඔව්. ඒ අයගේ මහන්සියේ ප්‍රතිඵල තමයි.තවත් සහෝදර වරු 50 සීමාවත් පසු කරලා තියෙනවා.

09.දැනට වෙබ් අඩවියෙන් සිංහල උපසිරස කීයක් විතර දීලා තියෙනවද? ඔබට මතක විදිහට  එදා මෙදා තුර  වැඩියෙන්ම බාගත කිරීම් සිදුවුන චිත්‍රපටය මොකක්ද?

1500ක් වගේ දැනට උපසිරස දීලා තියෙනවා. "චෙන්නායි එක්ස්ප්‍රස්" එක තමා දැනට වැඩිම බාගත කිරීම් ප්‍රමණයක් තියෙන්නේ.ඒ 23000 පසු කරමින් උපසිරස ලබා ගෙන තිබෙනවා.

10.වෙබ් අඩවියක් පවත්වාගෙන  යන්න නම් මුදල් අවශ්‍ය වෙනවා..ඉතින් කොහොමද මේකට අවශ්‍ය මුදල් හොයාගන්නේ?

අපේ අතින් දාන මුදලින්, ඒ කිව්වේ අපේ ‍රැකියාවෙන් හමබ්වෙන මුදලින් තමයි මේක කරගෙන යන්නේ.

11.ඒ කියන්නේ සමාජ සේවයක්. බයිස්කොප් සිංහලෙන් ඇන්ඩ්‍රොයිඩ් ලෝකයත් අතික්‍රමණය කරා කියන්නෙ, ඒ ගැනත් පොඩි සදහනක් කලොත්?

ඔව්, අපේ අඩවියට ඇන්ඩ්‍රොයිඩ් හරහත් අපේ රසික ජනතාව වෙත ලගා කරනවා.
එහිදී Torrent බගාතකරන්න,සිනමාපටය ගැන විස්තර කිඅයවන්න සහ සිංහල උපසිරස ලබා ගැනීමට හැකියාව තියෙනවා.දැනට 10000 පසු කරලා ඇප් එක බාගත කරගෙන තියෙනවා.

12.ඔබට දැනෙන විදිහට ලාංකීය ජනතාවගේ සිනමා රසය කොහොමද?

ඔව්, අපේ වෙබ් අඩවිය සිංහල උපසිරස දෙන්න කලින් හුග දෙනෙක් නැරඹුවේ ක්‍රියාදාම චිත්‍රපට. ඒ නාට්‍යමය වගේ කතා බලලා තේරුම් ගන්න බැරි නිසා.දැන් සිංහල උපසිරසත් එක්ක දෙන නිසා හුග දෙනෙක් අර්ථවත් නිර්මාණ බලන්න හුරු වෙලා තියෙනවා.

13.කවදා හරි කවුරු හරි මේ වෙබ් අඩවිය මිලදී ගන්න සූදානම් උනොත් මේක විකුණනවද? එහෙම යෝජනා එහෙම ඇවිත් තියෙනවද?

එහෙම යෝජනා නම් ඇවිත් නෑ. කවදාවත් අපි එහෙම දෙයක් කරන්න ලෑස්ති නැහැ.

14.අවසාන වශයෙන් සිහිපත් කරන්න කවුරුහරි ඉන්නවනම් ඒකට තමයි මේ අවස්ථාව..ඒ වගේම බයිස්කෝප් සිංහලෙන් රසිකයන්ට පණිවිඩයක් දෙන්න තියෙනවනම් ඒකටත් අවස්ථාව.

අපිත් එක්ක සිංහල උපසිරස දෙන්න එකතු වෙලා ඉන්නා අය වගේම අපේ රසික පිරිසත් මතක් කරන්න ඕනේ. ඒ අය නිසා තමයි අපේ වෙබ් අඩවිය පවතින්නේ.



මේ තමයි අපේ කාලයේ තාරුණ්‍යය .ඉතින් නැවතහ් මේ වගේම සොදුරු කතා බහකින් හමුවෙමු.