Sunday, December 29, 2013

සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්නේ කෙසේද? (How to face an INTERVIEW)
සිහින ඉසව්ව12:30 pm 13 අදහස් දැක්වීම්

       මං හිතන්නේ මේ කථාව හැමෝටම වැදගත් වෙයි කියලා..මොකද අපි හැම කෙනෙක්ම ‍රැකියාවක් කරන නිසා..හැම කෙනෙක්ම රකියාවක් කරන්න කලින් මෙතන්ට අනිවාර්යෙන්ම යනවාමයි.ඒ තමයි සම්මුඛ පරීක්ෂණය. ඉතින් ඒ සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන ආකරය ගැන ගොඩ දෙනෙක්ට ප්‍රශ්ණ තියෙන්න පුළුවන්..විශේෂයෙන්ම මුල්ම වතාවට ‍රැකියාවකට යන කෙනෙක්ට.එහෙනම් පියවරෙන් පියවර අපි ඉගෙන ගමු.

01. මුලින්ම  සම්මුඛ පරීක්ෂණයට අදින ඇදුම.සාමාන්‍යයෙන් අදින්නේ ලා පාට..තද පාට අදින්නේ නෑ.පිරිමි අපිට නම් සුදු ෂර්ට් එක තමා හරියන්නේ.

For Men


For Women



02. ඊළගට ඔබ ‍රැගෙන යන ෆයිල් එක..ඒකේ මුලින්ම තියෙන්න ඕනේ ඔබේ Bio Data එක හෝ CV එකයි.ඉන් පසුව ඔබේ අධ්‍යාපන සුදුසුකම්, ක්‍රීඩා සහතික,චරිත සහතිකය,ග්‍රාම සේවා සහතිකය,පාසල හැර යාමේ සහතිකය,උප්පැන්න සහතිකය,සේවා පලපුරුද්ද පිළිබද සහතික තියෙන්න ඕනේ. මේවාගේ අනු පිටපත්  වෙනමම ෆයිල් එකක දාලා තියාගන්නවානම් හොදයි.

03. සම්මුඛ පරීක්ෂණට එන්න කියපු වෙලාවට විනාඩි 5ක් වත් කලින් යන්න.ගිහින් තමන්ගේ වාරය එනකන් විනීතව වාඩි වෙලා ඉන්න.

04. ඔන්න දැන් තමයි ඔයා සම්මුඛ් පරීක්ෂණයට මුහුණ දෙන්නේ..ඇතුලට යන ගමන් හිනා වෙලා සුභ උදෑසනක් හරි ඒ වෙලාවට ගැලපෙන දෙයක් කියන්න..ඊලගට ඔබට වාඩිවෙන්න කියයි..එහෙම කිව්වේ නැත්තම් ඔබ අහන්න මම වාඩිවෙන්නද කියලා.වාඩිවෙනකොට බලාගෙන.කැරකෙන පු‍ටුවක් තියලා තියෙන්නේ ඒකත් මේසේ ඇතුලට වෙන්න ටිකක් බර එකක්..නාගන්නේ නැතුව වාඩි වෙන්න දැනගන්න ඈ..නැත්තම් උදේ පාන්දරම කුජීත වෙලා යාවී.(සිංහලෙන් නෙමේ හරිය..මේවා තියෙන්නේ කඩ්ඩෙන්ය..කඩ්ඩ ගෙදර සිට හොදට එහෙට මෙහෙට වනා පුරුදු පුහුණු වී යා යුතුය)

05. ඔබෙන් අහන මුල්ම ප්‍රශ්ණය ( මෙම ප්‍රශ්ණ සාමාන්‍යයෙන් නිතර භාවිත වන ඒවාය.)
  • Tell Me About Your Self ?
මේ ප්‍රශ්නේ ගොඩාක් දෙනා අනා ගන්නවාය..Your Self කිව්ව ගමන් අපේ අය පොඩි උන් වගේ තමන් ගැන කියන්න ගන්නවාය..අපේ ගෙදර මෙහෙමය. අපේ ගෙදර මෙච්චර කටොයක් ඉන්නවාය. මගේ විනෝදාංශේ මේකය.අරකය..නමුත් ඔබ පැවසිය යුත්තේ එවැනි දෑ නොවේය. ඔබේ ශක්තීන්ය, ඔබේ සේවා පලපුරුද්දය..එහි ලබාගත් ජයග්‍රහණය..ඔබ කෙතරම් කාර්යක්ෂමද යන වගය..ඔබේ දුර්වලතා කිහිපයක් සදහන් කරනවා නම් හොදය..ඒ ගැන සැළකිලිමත් වෙන්න කියන්න කලින්.
             ඔය ප්‍රශ්ණෙට උත්තර දෙන්න Mission Statement එකක් සාදාගෙන ඉන්නවානම් වඩා හොදය..ඒකට හොදම සයිට් එක මේකය FranklinCovey. අහන ප්‍රශ්ණ වලට උත්තර දුන්නාට පස්සේ ඔබේ Mission Statement එක ඔබේ ඊ-මේලයටම ලැබෙනු ඇත.

06. දෙවැනි ප්‍රශ්ණය.
  • Why Should We Hire You?
මෙතනදී ඔබ පැහැදිලි පිළිතුරක් ලබා දෙන්න ඕනේ..ඔබව ‍රැකියාවට බදවා ගත යුත්තේ ඇයි කියලා..මේකටත් ඔයාලට අර Mission Statement එක උදව් කරගන්න පුළුවන් වෙයි.

07. තුන සහ හතර 
  • What is Your Greatest Strength?
  • What is Your Greatest Weaknesses?
 මෙතනදී ඔයාලට අර  Mission Statement  එක උදව් වෙයි. හැබැයි මතක තියාගන්න ඔබේ ‍රැකියාව අනුව මේ ප්‍රශ්ණ දෙකට දෙන උත්තර වෙනස් කරගන්න.

08.  පහ
  • Why do You Want to Work Here?
මෙතනදී ඔයාලා උත්තර දෙන්න ඕනේ ඔබේ හැකියාවන්ට ගැලපෙන අයතනය මෙය බව.කොහොමද ඒ ගැලපෙන්නේ කියලා ඔබ විස්තර කරන්න ඕනේ..ඒ වගේම ඒ ආයතනය තම සේවකයන්ට සලකන ආකාරයත් පැහැදිලි කරන්න.

09. හය
  • Why Did You Leave Your Last Job?
මුල්ම වතාවට ‍රැකියාවකට උඅන කෙනෙක්ගෙන් මෙහෙම අහන්නෙ නෑ,හැබැයි ඔබ මීට කලින් ‍රැකියාවකට ගියපු කෙනෙක් නම් මේ ප්‍රශ්ණෙට අවංකව උත්තර දෙන්න.

10. හත
  • How Much You Expect From Us (Salary)
මේ ප්‍රශ්නෙට මට මෙච්චරක් ඕනේ කියලා කියන්න එපා..ජීවත් වීමට ප්‍රමාණවත් මුදලක් යැයි පවසන්න.ඔබ පලපුරුදු  වසර ගාණක් සේවය කර ඇති අයෙක් නම් ඔබට අවශ්‍ය ගාන නොබියව පවසන්න.

11. අට
  • Where do You See Your Self in  5 Years? 
මෙතනදී ඔබ ඔබේ ඉලක්කය සදහන් කරන්න.ඔබ ආරම්භක මට්ටමේ ‍රැකියාවකට යන කෙනෙක් නම් කිසිවිටක ඔබ ආයතනේ ප්‍රධානියා වීමට ඉලක්කක කරගෙන සිටිනවායි කියන්න එපා.

12. නවය
  • Do You Have Any Question for Me?
මේ ප්‍රශ්නෙදි නැහැයි කියලා නම් කියන්න එපා..ඔබ අනිවාර්යෙන්ම ප්‍රශ්ණ දෙක තුනක්ම අහන්න..ආයතනය ගැන හෝ ඔබේ ‍රැකියාව සම්බන්දව.

ඉතින් සාමාන්‍යයෙන් අහන්නේ ඔච්චරයි..මැදින් මැදින් තව පොඩි පොඩි ප්‍රශ්ණ අහනවා.මම කිව්වේ වැදගත්ම ප්‍රශ්ණ ටික විතරයි.වැදගත් උනා නම් කමෙන්ට් පාරක් දාලා ෆලෝ පාරකුත් දාගෙන යනවා හොදයි.

:D බලලා මුකුත් ලියලා යන්නේ නැති උන්ට බඩම පල :D

13 comments:

  1. වැදගත් කියන කාරණා ටිකක්. එල ආ

    ReplyDelete
  2. හොද විස්තරයක්.. වටිනකමක් ඇත..

    ReplyDelete
  3. මේ ලිපිට බොහෝ දෙනකුට වටිනවා

    ReplyDelete
  4. ela machan..thanks

    ReplyDelete
  5. Hee thanks very much.....

    ReplyDelete
  6. ලොකු උදව්වක්.. thanks

    ReplyDelete
  7. අනර්ඝ යි👌👌👌

    ReplyDelete
  8. ොඩක් වටිනවා. ේ වේ දෙයක් පල කලාට ස්තූතියි.

    ReplyDelete