Tuesday, October 29, 2013

බයිස්කොප් සිංහලෙන් සමග කල කතා බහ
සිහින ඉසව්ව12:40 pm 3 අදහස් දැක්වීම්


වර්තමාන තාරුණ්‍යයේ සිත් ගත් වෙබ් අඩවියක් වන " බයිස්කෝප් සිංහලෙන්" ගැන කතා කිරීමට තමයි අපි පළමුවෙන්ම සැරසෙන්නේ..ඒ සදහා මෙහි සංස්කාරක වරයෙක් වන තරිදු දර්ශන නැත්තම් "විකියා" සම්බන්ද කර ගැනීමට අපට හැකි වුනා.මේ ඔහුත් සමග කල කතා බහයි.




01. ඉතින් තරිදු මොකක්ද මේ බයිස්කෝප් සිංහලෙන් කියන්නේ?

බයිස්කෝප් සිංහලෙන් කියන්නේ චිත්‍රපට, රූපවාහිනී මාලා නාටක සිංහල උපසිරස සමග දෙන්න හදපු වෙබ් අඩවියක්.

02.එතකොට කොයි කාලේ වගේද මේ වැඩේ පටන් ගත්තේ? කාගෙද මේ අදහස?

2009 වසරේ තමයි පටන් ගත්තේ. අපේ පොතේ ගුරා සහෝට තමා මුලින්ම අදහසක් ආවේ මේ ගැන

03.එතකොට හරියටම කවද්ද සිංහල උපසිරසත් එක්ක සිනමාපටයක් බයිස්කොප් එකෙන් එලියට ආවේ?

2009 ජූනි 6. ඒ තමයි ලංකාවේ ප්‍රථම අන්තර්ජාලයට නිකුත් උන සිංහල උපසිරසය.

04.ඒ ගැන නිහතමානි ආඩම්බරයකුත් ඔබට ඇති?

ඔව්. :)

05. ලංකාවේ අංක එකේ විනෝදාස්වාදය සදහා වූ වෙබ් අඩවිය බවට පත් උනා කියන කතාව මොකක්ද?

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් කරන Alexa වෙබ් අඩවිය තුල විනෝදාස්වාදය සදහා වූ වෙබ් අඩවියක් විදිහට ලංකාවේ අංක එකට එන්න අපිට පුළුවන් උනා.

06.ඒ කියන්නේ බයිස්කෝප් සිංහලෙන් ලංකාවේ අතිශය ජනප්‍රිය වෙබ් අඩවියක්.එහෙම නේද?

ඔව්. ලංකාවේ ගොඩක් ජනප්‍රිය වෙබ් අඩවිය, ලංකාවෙම විතරක් නෙමෙයි වෙනත් රටවලත් ජනප්‍රිය අඩවියක්.

07.සිංහල උපසිරස නිර්මාණය කිරීමේ කටයුතු කොහොමද සිද්ද වෙන්නේ?

සිංහල උපසිරස නිර්මාණය කරන්නේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න සහෝදර , සහොදරියන් විසින් තමයි.

08.මම දැක්කා රොයිලි සහෝදරයා සිංහල උපසිරස 200ට ආසන්නව ඉන්නවා.ඒ වගේම තව සහෝදර වරු කිහිපදෙනෙක්ම 100 සීමාවෙත් ඉන්නවා.ඒ ගැන ඔබට මොකද හිතෙන්නේ?

ඔව්. ඒ අයගේ මහන්සියේ ප්‍රතිඵල තමයි.තවත් සහෝදර වරු 50 සීමාවත් පසු කරලා තියෙනවා.

09.දැනට වෙබ් අඩවියෙන් සිංහල උපසිරස කීයක් විතර දීලා තියෙනවද? ඔබට මතක විදිහට  එදා මෙදා තුර  වැඩියෙන්ම බාගත කිරීම් සිදුවුන චිත්‍රපටය මොකක්ද?

1500ක් වගේ දැනට උපසිරස දීලා තියෙනවා. "චෙන්නායි එක්ස්ප්‍රස්" එක තමා දැනට වැඩිම බාගත කිරීම් ප්‍රමණයක් තියෙන්නේ.ඒ 23000 පසු කරමින් උපසිරස ලබා ගෙන තිබෙනවා.

10.වෙබ් අඩවියක් පවත්වාගෙන  යන්න නම් මුදල් අවශ්‍ය වෙනවා..ඉතින් කොහොමද මේකට අවශ්‍ය මුදල් හොයාගන්නේ?

අපේ අතින් දාන මුදලින්, ඒ කිව්වේ අපේ ‍රැකියාවෙන් හමබ්වෙන මුදලින් තමයි මේක කරගෙන යන්නේ.

11.ඒ කියන්නේ සමාජ සේවයක්. බයිස්කොප් සිංහලෙන් ඇන්ඩ්‍රොයිඩ් ලෝකයත් අතික්‍රමණය කරා කියන්නෙ, ඒ ගැනත් පොඩි සදහනක් කලොත්?

ඔව්, අපේ අඩවියට ඇන්ඩ්‍රොයිඩ් හරහත් අපේ රසික ජනතාව වෙත ලගා කරනවා.
එහිදී Torrent බගාතකරන්න,සිනමාපටය ගැන විස්තර කිඅයවන්න සහ සිංහල උපසිරස ලබා ගැනීමට හැකියාව තියෙනවා.දැනට 10000 පසු කරලා ඇප් එක බාගත කරගෙන තියෙනවා.

12.ඔබට දැනෙන විදිහට ලාංකීය ජනතාවගේ සිනමා රසය කොහොමද?

ඔව්, අපේ වෙබ් අඩවිය සිංහල උපසිරස දෙන්න කලින් හුග දෙනෙක් නැරඹුවේ ක්‍රියාදාම චිත්‍රපට. ඒ නාට්‍යමය වගේ කතා බලලා තේරුම් ගන්න බැරි නිසා.දැන් සිංහල උපසිරසත් එක්ක දෙන නිසා හුග දෙනෙක් අර්ථවත් නිර්මාණ බලන්න හුරු වෙලා තියෙනවා.

13.කවදා හරි කවුරු හරි මේ වෙබ් අඩවිය මිලදී ගන්න සූදානම් උනොත් මේක විකුණනවද? එහෙම යෝජනා එහෙම ඇවිත් තියෙනවද?

එහෙම යෝජනා නම් ඇවිත් නෑ. කවදාවත් අපි එහෙම දෙයක් කරන්න ලෑස්ති නැහැ.

14.අවසාන වශයෙන් සිහිපත් කරන්න කවුරුහරි ඉන්නවනම් ඒකට තමයි මේ අවස්ථාව..ඒ වගේම බයිස්කෝප් සිංහලෙන් රසිකයන්ට පණිවිඩයක් දෙන්න තියෙනවනම් ඒකටත් අවස්ථාව.

අපිත් එක්ක සිංහල උපසිරස දෙන්න එකතු වෙලා ඉන්නා අය වගේම අපේ රසික පිරිසත් මතක් කරන්න ඕනේ. ඒ අය නිසා තමයි අපේ වෙබ් අඩවිය පවතින්නේ.



මේ තමයි අපේ කාලයේ තාරුණ්‍යය .ඉතින් නැවතහ් මේ වගේම සොදුරු කතා බහකින් හමුවෙමු.

3 comments:

  1. සුබ පැතුම් තරිඳු අයියා සහ බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායම

    ReplyDelete
  2. නියමයි ආ ....මරැ..

    ReplyDelete